Published
එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයේ කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි වූ බව සමගි ජන බලවේගයේ පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ඒ, පක්ෂ ප්‍රධාන කාර්යාලයයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එක්සත් ජාතික පක්ෂය සමඟ එකට වැඩ කිරීම සහ ආණ්ඩුවේ මර්දනය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ගැනුණු බවයි කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් වැඩිදුරටත් පැවසුවේ.


