Published
සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්‍ෂය විසින් බලය පිහිටවූ පළාත් පාලන ආයතන හරහා එම ප්‍රදේශවල ජනතාවට ප්‍රයෝජනවත් සේවාවක් ඉටු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ අනුව විනිවිදභාවයකින් සහ දූෂණයෙන් තොර සේවාවක් ලබා දීමට කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
හම්බන්තොට මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තරඟ කළ අප්ක්‍ෂකයින් සමග හම්බන්තොටදී පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.