ආණ්ඩුවට එරෙහිව නව බලවේගයක් ගොඩනැගීමට නායකත්වය ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට අවශ්‍ය මූලික පියවර මේ මොහොතේ ගනිමින් සිටින බවයි.

තිස්ස අත්තනායක මහතා මෙහිදී සඳහන් කළේ සමගි ජන බලවේගය ජයග්‍රහනය කළ පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරන බවයි. පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ සභිකයින් මුණ ගැසීම සඳහා සමගි ජන බලවේගය අද සිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ගමේ නියෝජිතයින් හමුවන ගමින් ගමට වැඩසටහන ලෙසයි.