Published
                
                 
                
            තණමල්විල, කිතුල්කොටේ ප්රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී වියළි ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් එම ප්රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී වියළි ගංජා කිලෝග්රෑම් 20ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එම ගංජා තොගය අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදී සොයාගෙන ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් තිබෙනවා.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මක වන අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය මගින් සිදු කරනු ලබනවා.




