Published
මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු මෙරටින් පිටුවහල් කර තිබෙනවා.
ඔවුන් මෙරට රැඳී සිටිමින් පරිගණක අපරාධ ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි පුද්ගලයන් පිරිසක් වනවා.
කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් පිටුවහල් කළ බවයි.
ඔවුන් සමග මෙරට පොලිස් නිලධාරීන් 85 දෙනෙකු, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.