Published
දික්වැල්ල, පිහිඹිය ප්‍රදේශයේදී කොකේන්, කුෂ්, හෑෂ් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත දික්වැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. මෙම වැටලීමේදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 500ක්, මත්පෙති සහ ඉලෙක්ට්‍රොනික තරාදියක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දික්වැල්ල පොලිසිය මගින් සිදු කරනු ලබනවා.