සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජුනි මස 30 දින සිට ඡූලි මස 05 දක්වා ක්‍රියාත්මක කළ ජාතික මදුරු මර්දන සතියේදී දිවයින පුරා පරිශ්‍ර 144,250ක් පරීක්ෂාවට භාජනය කළ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසනවා

එම සතියේ ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතියේ සමස්ත ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සම්බන්ධව අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව පවසා සිටියා.

ඒ අනුව දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 111 ක් ආවරණ වන පරිදි කණ්ඩායම් 1100 කගේ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක විය.

පරීක්ෂාවට භාජනය කරන ලද සමස්ත පරිශ්‍ර සංඛ්‍යාව -144,250

මදුරුවන් බෝ විය හැකි යැයි හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව – 35,495

මදුරු කීටයන් සහිතව හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව- 4275

එහිදී විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ රතු නිවේදන 3,812ක් සහ නීතිමය ක්‍රියාමාර්ග 982ක්ද ගනු ලැබූ බවයි.

එමෙන්ම මෙම මදුරු මර්දන සතියේදී පාසල්, රජයේ ආයතන, කර්මාන්ත ශාලා වැඩබිම්, ආගමික ස්ථානවල මදුරුවන් බෝ විය හැකි අවදානම් ස්ථාන ලෙසද හඳුනාගෙන තිබේ.

මේ අතර දිවයින පුරා ඩෙංගු රෝගීන් 30,228ක් සහ මරණ 16ක්ද වාර්තා වූ බවද විෂේශඥ වෛද්‍යවරිය මෙහිදී අනාවරණය කළේය.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වල මෙම ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ බවත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නා.