Published
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලිස් මූලස්ථානය මගින් මහජනතාව වෙත නව දුරකතන අංක හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාල පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකතන අංකය වෙත සෘජුව අමතා මහජනතාවට තොරතුරු ලබාදීමට මේ වන විට හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
එලෙස ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරමින් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් සහ මෙහෙයුම් සිදු කිරීම ඇතුලු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.




