විථි සුනඛයින්ගේ සුබසාධනය සදහා රුපියල් මිලියන 100 ක මුදලක් වෙන් කිරීම මෙවර අයවැය යෝජනා අතර තිබූ විශේෂිත කරුණක් වුණා. මේ, එම අයවැය යෝජනාව සම්බන්ධයෙන් විමසා බැලීමක්.

වීථි සුනඛයින් සදහා අයවැය මගින් අවධානය යොමු කිරීම පැසසිය යුතු කරුණක් බව සත්ව සුබසාධන සංසදය පවසනවා.

වීථි සුනඛයින්ගේ ගහණය ඉහළ යාම හේතුවෙන් මතුව ඇති සමාජ ගැටළු විසදීමට එම මුදල් නිසි පරිදි යොදාගත යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

නිශ්චිත සංඛ්‍යා දත්ත නොමැති වුවත් මෙරට තුළ වීථි සුනඛයින් ලක්‍ෂ 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් සිටින බවට අනුමාන කෙරෙනවා.

ඒ අනුව වීථි සුනඛයින්ගේ සුබසාධනයට අයවැයෙන් වෙන්කර ඇති මුදල ප්‍රමාණවත් ද යන්න ගැටළු සහගත බවයි සත්ව සුබසාධන සංසදයේ විධායක සභික ගිහාන් දිනුෂ්ක මහතා පෙන්වා දෙන්නේ.

වසරකදි මෙරට තුළ සිදුවන සුනඛ සපාකෑම් සංඛ්‍යාව දෙලක්‍ෂ 50,000 ක් පමණ වනවා.

වීථි සුනඛ ගහණය වැඩිවීම හේතුවෙන් තවත් සෞඛ්‍ය හා සමාජ ගැටළු ගණනාවක් නිර්මාණය වී තිබෙනවා.

එබැවින් එම තත්ත්වය පාලනය කළ හැකි ක්‍රමවේදය කුමක්ද?

රජය විසින් අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙල යෝජනාවකට සීමා නොවී විධිමත්ව ක්‍රියාත්මක කිරීම තුළින් සමාජ ගැටළු ගණනාවකට විසදුම් සැපයිය හැකි බව පෙන්වා දිය හැකියි.
කමල් සුරවීර-