වෙඩි වැදුණු පුද්ගලයෙකු රෝහලක් වෙත රැගෙන යාමට ජනතාවට නීතිමය බාධාවක් නැද්ද? මේ ඒ සම්බන්ධයෙන් නෙත් නිවස් කළ සොයා බැලීමක්.

මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට ඊයේ දිනය දක්වා දිවයිනේ විවිධ ස්ථානවල සිදුවූ වෙඩි තැබීම් ගණන 82 ක්. එහිදි පුද්ගලයන් 44 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. තවත් පුද්ගලයන් 48 කට එම වෙඩි තැබීම්වලදී තුවාල සිදුව තිබෙනවා. එලෙස වෙඩි වැදුණු පුද්ගලයෙකු ජනතාවගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කළ හැකිද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් විමසීමක් කළා. එසේ නම් වගකිවයුතු ආයතන කළ යුත්තේ කුමක්ද?