වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන වෙනිසියුලාවෙන් පිටුවහල් කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

වෙනිසියුලානු උප ජනාධිපති ඩෙල්සි රොඩි්‍රගස් පැවසුවේ ජනාධිපති මදුරෝ සහ ජනාධිපති ආර්යාව සිලියා ෆ්ලෝරස් සිටින ස්ථානය පිළිබඳව වෙනිසියුලානු රජය නොදන්නා බවයි.

එමෙන්ම අමෙරිකානු ප්‍රහාරය හේතුවෙන් හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් රැසකගේ ජිවිත අහිමි වී ඇති බවයි වෙනිසියුලානු උප ජනාධිපතිවරයා පවසන්නේ.

කෙසේවෙතත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳට විරුද්ධව නිව්යෝර්ක්හි දකුණු දිස්ත්‍රික්කයේ අධිචෝදනා ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයකට නායකත්වය දෙන බවට වෙනිසියුලානු ජනාධිපතිවරයාට ඇති චෝදනා හේතුවෙන්.

ඒ අනුව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අපරාධකරුවෙකු බවට ට්‍රම්ප් පරිපාලනය විසින් වසර ගණනාවක සිට හඳුන්වා ඇති අතර ඇමරිකානු නීති පද්ධතිය හරහා ඔහුට නඩු පැවරීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් වෙනිසියුලානු ජනධිපතිවරයා විසින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුමට බි්‍රතාන්‍යය විසින් කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බව බි්‍රතාන්‍යය අගමැති කීර් ස්ටාර්මර් පවසනවා.

වෙනිසියුලානු ජනාධිපතිවරයා මෙලෙස පිටුවහල් කර ඇත්තේ එහි අගනුවර වන කැරකස් නගරයට අමෙරිකාව විසින් ප්‍රහාර කිසිපයක් එල්ල කිරීමෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ප්‍රහාරය හේතුවෙන් වෙනිසියුලාව තුළ හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කිරීමට වෙනිසියුලානු ජනපතිවරයා එම අවස්ථාවේ තීරණය කළා.