වෙනිසියුලාවට අයත් දැවැන්ත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අමෙරිකානු වෙරළාරක්ෂක බලකායට අයත් හෙලිකොප්ටර් යානයක් මගින් අමෙරිකානු හමුදා සාමාජිකයන් එම නෞකාවට ගොඩ බසින ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදි එම ඉන්ධන නෞකාව අමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද වෙනිසියුලාවට අයත් දැවැන්ත ඉන්ධන නෞකාවක් අත්පත් කර ගත් බව ධවල මන්දිරයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එය අල්ලා ගත්තේ ඉතා හොද හේතුවක් නිසා යනුවෙන් ඔහු පවසා තිබුණද නිශ්චිත හේතුවක් දක්වා නැහැ.
කෙසේවෙතත් එක්සත් ජනපද නීතිපතිවරයා පවසා ඇත්තේ විදේශීය ත්‍රස්තවාදී සංවිධානවලට සහය දෙන නීතිවිරෝධී තෙල් නැව් ජාලයකට සම්බන්ධවීම හේතුවෙන් එම ඉන්ධන නෞකාවට වසර ගණනාවක් තිස්සේ සම්බාධක පනවා තිබූ බවයි.


