Published
                
                 
                
            අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද නියම කළා.
සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අද මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වුවා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කළා. කෙසේවෙතත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.




