Published
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද උදෑසන 08.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඇති වූ එකඟතා මත මෙම තීරණය ගත් බවයි.



