වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව පවසනවා.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට බිංදුවයි දශම පහයි පහක ප්‍රතිශතයකින් බස් ගාස්තුව අඩු කර ඇති බවයි බව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ.
ඒ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ අවම බස් ගාස්තුව වන රුපියල් 27 දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම තෙවන බස් ගාස්තු අවස්ථාව වන රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදු නොවනු ඇති.
කෙසේවෙතත් සිව්වන බස් ගාස්තු අවස්ථාවේ සිට බස් ගාස්තු සංශෝධනය වන බවයි ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර අද සිට අඩු වන බස් ගාස්තු සම්බන්දයෙන් අදහස් දක්වමින් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අදාළ බස් ගාස්තු සංශෝධනයෙන් ජනතාවට දැනෙන වෙනසක් සිදු නොවන බවයි.
දුර ගමන් සේවාවල බස් ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩු වුවද කෙටි දුර ගමන් සේවාවල බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.
කෙසේවෙතත් අද සිට සංශෝධනය වූ බස් ගාස්තු ප්‍රමාණවත් නොවන බවයි මගීන් චෝදනා කරන්නේ.