කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්. වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් ඔහු පරික්‍ෂා කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ අධි රුධිර පීඩන තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලට මාරු කර තිබෙනවා. අද දිනයේද විශේෂඥ වෛද්‍යවරයෙකු ඔහු පරික්‍ෂා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් රෝගී තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු ඔහු යළි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම් ටූ වාට්ටුවේ රඳවා සිටියා. එම බන්ධනාගාරයේ එන් වාට්ටුවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රඳවා සිටින බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවා.
Published