2025-2026 ශ්‍රීපාද වන්දනාවාරයෙදි හැටන් මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වන්දනාකරුවන්ට සීත ගගුලේ සිට ඉදිකටු පහණ දක්වා පිරිසිදු පානීය ජලය ලබා දීමට ධර්ම සුගන්ධ මනුසත් පදනම මගින් පියවර ගෙන තිබේනවා.

ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි එම පදනම මගින් රු.මිලියන 450ක් වැය කර සීත ගගුලේ සිට ඉදිකටු පහණ දක්වා ජල නල යොදා පැය 24 පුරා පානීය ජලය ලබා දීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කර ඇති බව එම පදනමේ ලේකම් පියතිස්ස වික්‍රමරත්න මහතා පවසා තිබෙනවා.

ඉකුත් ශ්‍රි පාද වන්දනාවාරවලදී මෙන් මෙවර ශ්‍රීපාද වන්දනා සමයෙදි ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දැනට ලබා දී ඇති පානිය ජල යෝජනා ක්‍රමයට කිසිදු හානියක් සිදු නොකර ශ්‍රී පාදස්ථානය පුජනීය ස්ථානයක් ලෙස සලකා ශ්‍රීපාදය කරුණා කරන ලෙසයි එම පදනමේ ලේකම්වරයා වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර 2025-2026 ශ්‍රීපාද වන්දනාවාරයෙදි ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන යාම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර, වතුර බෝතල් අලෙවි කරන ස්ථානවල වතුර ලීටරයට ඉහළින් වූ වතුර බෝතල් පමණක් අලෙවි කල යුතු බවත්, එසේ අලෙවි කරන වතුර බෝතල් පරිසරයට මුදා හැරීම වළක්වා ගැනීමට වතුර බෝතල් අලෙවි කරන වෙළදසැල් හිමියන් විසින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් කියා සිටියේ.