ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ පස්වන සමාලෝචනය එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ධනාත්මකව පවතින බවයි.

ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති ප්‍රතිසංස්කරණ තුළින් උද්ධමනය අඩුවීම, වැඩිදියුණු කළ ආදායම් එකතු කිරීම සහ වර්ධනය වන සංචිත ප්‍රසන්සනීය ප්‍රතිඵල ලබාදෙන බව ඇය පවසා තිබෙනවා.

එහෙත් ගෝලීය වෙළෙඳපොළ ප්‍රතිපත්ති සහ ආර්ථික අවිනිශ්චිත තත්ත්වයන් මත මෙරට ආර්ථික දැක්ම අවදානමේ හෙළීමට හැකි බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය කියා සිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ පස්වන සමාලේචනයේදී මෙම තත්ත්වය ඇගයීමට ලක් කෙරෙන බව ඇය පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරින් සමග සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය සඳහන් කර ඇත්තේ.

ඉකුත් ජූලි 1 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කර, අමෙරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාරයක් ලබා දුන්නා.

ඒ අනුව විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත මූල්‍ය ආධාරය ඩොලර් බිලියන 1යි දශම 7යි 4ක් වනවා.