ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම ලෙස ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම සම්මානයට පාත්‍ර වීම රටක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව ලොව හොඳම මැතිවරණ කොමිසම ලෙස සම්මානයට පාත්‍ර වීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය විසින් අද කොළඹදී සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.