කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව ලකුණු 59කින් පරාජය කරමින්. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 47කට සීමා කළ තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 08කට ලකුණු 269ක් රැස් කළා. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 46කට කඩුලු 04ක් බිඳහෙලීමට සමත් වුණා. කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි. චමරි අතපත්තු ලකුණු 43ක් රැස් කළා. කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර අද පැවැත්වීමට නියමිතයි.