සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමය පවසනවා.

ඒ අනුව ලබන 26, 27 දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට පැමිණීමෙන් වැළකී සිටින බවයි එම සංගමයේ සභාපති සවනතිලක ගජධීර මහතා පැවසුවේ.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති සවනතිලක ගජධීර මහතා.