ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අවසන් එක්දින ක්‍රිකට් තරඟය මේ වන විට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන කණ්ඩායමේ නායක ෂහීන් ෂා අෆ්රිඩි තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේ වෙනස්කම් 04ක් සමගින්.
යොවුන් ක්‍රීඩක පවන් රත්නායකට අද එක්දින වරම් හිමි වූ අතර වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු අද කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.
ඒ වෙනුවට පවන් රත්නායක, එශාන් මාලිංග, මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක චරිත් අසලංක උණ රෝගයකින් පෙළීම හේතුවෙන් අද තරඟය මෙහෙයවීම සහ නායකත්වය පැවරී ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 02ක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 211ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම ලකුණු 48ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් ලබා ගත්තා.
අද දින එක්දින වරම් දිනාගත් යෞවන ක්‍රීඩක පවන් රත්නායක පන්දු 37ක් තුළදී ලකුණු 32ක් ලබා සිටියදී අවසන් කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියා.




