ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින්.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් දහසය ලක්ෂ හැටහත්දහස් දෙසිය අනූ හතරයි ශත අසූ හතක පාඩුවක් සිදු කිරීම සහ එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් සිදු කිරීම යන දූෂණ චෝදනා මත නිලූ දිල්හාර විජේදාස මහතා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.