ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් පසුව පුරප්පාඩු වූ මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා සීවලී අරුක්ගොඩ මහතා විසින් එම පත්කිරීම සිදු කළ බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.

1997 දී සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස සේවයට බැඳුනු චන්දන පුංචිහේවා මහතා තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

පේරාදෙණිය සරසවියෙන් විද්‍යාවේදී උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගෙන ඇති ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වනවා.