Published
දිවමන් බුදුරුව දැක සිත් පහදා වදින්නා සේ පින් වඩන්නට, “ශාක්‍ය මුණිවර ධාතු වන්දනා” සර්වඥධාතූන් වහන්සේ ප්රමුඛ මහරහතුන් වහන්සේගේ උත්තම ධාතූන් වහන්සේ වන්දනාව ගාල්ල මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී අද උදෑසන ආරම්භ වුණා.
ඊට සමගාමීව සවස 06-30ට රාත්‍රී 09.00 දක්වා පූජනීය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පවත්වන සුවිශේෂී දම්දෙසුමක් ශ්‍රවණය කිරීමට ද සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.
ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අපි දැන් සම්බන්ධ කර ගන්නවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකොන්.
*
ගාල්ල මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන “ශාක්‍ය මුණිවර ධාතු වන්දනාව” සදහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.




