ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන ( Seasonal Schedule Flight )
" ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ( Edelweiss ) ප්රථම මංගල ගුවන් යානය ( Inogaral Flight) අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ලුෆ්තන්සා ගුවන් සේවා සමූහයට අයත් මෙම ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 064 දරන මෙම ගුවන් යානය අද දින උදෑසන 10.03 ට ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මෙම ප්රථම මංගල ගුවන් ගමන සදහා ඒ. - 340 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය ජල ආචාර ( Water Salute ) පවත්වා උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගැනීමට කටයුතු යොදා තිබුණි .
මෙම ගුවන් යානය තුළ ව්යාපාරික පංතියේ ගුවන් මගීන් 27 දෙනෙකු ද පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 230 දෙනෙකු ද වශයෙන් ගුවන් මගීන් 257 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ තිබුණා
මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම දින දෙකක් , එනම් අගහරුවාදා සහ සෙනසුරාදා දින වල කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.





