දිට්වා සුළි කුණාටුව ඇතිවූ දිනවල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රජයට සහ අදාළ ආයතන වෙත සිදු කරන ලද දැනුම්දීම් පිළිබඳ ලිඛිත තොරතුරු ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් එලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි මන්ත්‍රීවරුන් අතරට අයත්. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.