දිට්වා සුළි කුණාටුව නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ජර්මානු ජනරජයේ මෙරට තානාපති Dr. Felix Neumann මහතා හමු විය.
එහි දී දෙපාර්ශ්වය අතර පවතින ආපදා තත්ත්වය සමඟ උද්ගත වූ ආර්ථික, සමාජීය, පාරිසරික ගැටලු රාශියක් කෙරෙහි අවධානය යොමු විය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින ආපදා තත්ත්වයත් ඉන් පසුව උද්ගත විය හැකි පශ්චාත් ආපදා තත්ත්වය සහ වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ජර්මානු ජනරජයට ලබා දිය හැකි උපරිම දායකත්වය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව අත්‍යාවශ්‍ය සේවා සහ රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යාමටත් බිඳ වැටී ඇති දුම්රිය සහ මහාමාර්ග ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට ගැනීමටත් සහාය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
විශේෂයෙන් දුම්රිය සේවාව යථා තත්ත්වයට ගැනීම සඳහා ජර්මානු රජයේ විශේෂ දායකත්වයක් ලබා දෙන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.




