Published
අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මේ වන විට භාරවී ඇතැයි වාර්තා වනවා.
ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටියේ, මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පසුගිය 15 වනදා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.




