නිර්මල බුදු දහම මෙරටට දායාද කළ මහින්දාගමනය සිදු වූ පොසොන් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

ආගමික මෙන්ම මෙරට සංස්කෘතික හා සමාජයීය, පරිවර්ථනයන් රැසකට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය හේතු පාදක වුණා.

මහින්දාගමනයත් සමඟ මෙරට සමාජ ව්‍යපර්යාසයක් මෙන්ම ආධ්‍යාත්මික සහ චින්තන විප්ලවයක් සිදු වූ බවයි රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ.

මහින්දාගමනයත් සමඟ මෙරටට එක්කල වටිනාකම් පිළිබඳව ද පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් මෙහිදී කරුණු පැහැදිලි කළා.