මෑතකදී තරුණ සේවා සභාව නිකුත් කළ 2/11/25/1 දරන චක්‍ර ලේඛනය මගින් 2025 මැයි 23ට පෙර පිහිටුවා තිබු සියලුම යෞවන සමාජවල වලංගුභාවය අහෝසි කර නව යෞවන සමාජ පිහිටුවීමට කටයුතු කර ඇති බවත් එහි දී සියලුම යෞවන සමාජ දේශපාලනීකරණයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි. දේශපාලන වුවමනා මත මෙකී යෞවන සමාජවල විධායක නිලධාරීන් පත්කර ඇති බවට චෝදනා එල්ල වන බවත් මෙය යෞවන සමාජවල සෛරීත්වය කෙරෙහි විශාල බලපෑමක් එල්ල වීමක් බවත් නව නියෝග මාලාවක් මගින් දේශපාලන හිතවතුන් සදහා වාසි ලබා දීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ ජාතික තරුණ සේවා සභාව 2/11/25/1 යටතේ නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව නව යෞවන සමාජ පිහිටුවීමේ දී දේශපාලන බලපෑම් සිදුව ඇත්ද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් පොළොන්නරුව, කළුතර, බදුල්ල, කෑගල්ල, ගම්පහ, හම්බන්තොට ඇතුළු ප්‍රදේශ ගණනාවක් මෙහි විධායක තනතුරු සදහා ආණ්ඩු හිතවාදීන් පත් කිරීම නිසා දේශපාලන බලපෑමක් සිදුව ඇති බවත් නව යෞවන සමාජ පිහිටුවීමේ පරමාර්ථය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා. එසේම ජාතික තරුණ සේවා සභාව මගින් යෞවන සමාජ සදහා බලපැවැත්වෙන පරිදි ස්ථාවර නියෝග මාලාවක් ඉදිරිපත් කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් මෙහි විධායක තනතුරක් සදහා අවම වසර දෙකක කාලයක් සම්පූර්ණ කර තිබීම යන නියෝගය වෙනස් කර ඇත්නම් එය විධායක තනතුරු සදහා දේශපාලන හිතවතුන් පත් කර කිරීමට ක්‍රියාකිරීමක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙය යෞවන සමාජ ව්‍යවස්ථාව අතික්‍රමණය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ මේ යෞවන සමාජ ග්‍රාමසේවා වසම්වලින් බිහි වී දිස්ත්‍රික් හා ජාතික මට්ටමට එන විට පක්ෂ භේදයෙන් තොරව ක්‍රියාත්මක වූ බවත් ඕනැම තරුණ තරුණියකට එයට බැඳීමට හැකිව තිබූ බවත් මේ පක්ෂ භේදයෙන් තොරව ක්‍රියාත්මක වීමට හොදම විසඳුමක් ලෙස යෞවන සමාජ සම්මේලනය සහ යොවුන් පාර්ලිමේන්තුව එකට එකතු වී රජයෙන් ලබා දුන් ලක්ෂ 1500ක් දුන්නත් ලක්ෂ 4500ක ව්‍යාපෘති බවට එය පත් කළ බවත් ඒ නිසා ගමට කෝටියක් වැඩසටහන යටතේ ලබා දුන් ලක්ෂ 4500ක් දුන්නත් ලක්ෂ 9000ක සේවා ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Published