සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජ්‍යාත්‍යන්තර සමුළුව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා විවෘත විශ්ව විද්‍යාලයේදී අද ආරම්භ වනවා.
එය හෙට දිනය දක්වා පැවැත්වීමට නියමිතයි.
එම සමුළුවේදී දකුණු ආසියානු කලාපයේ මාධ්‍ය නිදහස පිළිබඳව අවධානය යොමු කිරීමත්, කලාපයේ මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානයට ලක්කිරීමත් මෙන්ම කලාපයේ රටවල් තුළ ඇති මව් භාෂාවන් සඳහා සැසි කිහිපයක් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා.
මෙම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ ලේඛකයින් සහ පර්යේෂණ විද්වතුන් ඇතුළු නියෝජිතයන් 200කට අධික පිරිසක් සහභාගී වනවා.
ඒ අනුව වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති මානව හිමිකම් ගැටලු සහ සංස්කෘතිය උරුමයන් පිළිබඳ සැසිවාරවලට ඔවුන් සහභාගිවීමට නියමිතයි.
සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ආචාරධර්මවලට ගරු කිරීමට සහ මාධ්‍යවේදීන් සතු ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කලාපීය රජයන්ට බලපෑම් කිරීමයි.
වර්තමානයේ කලාපීය ජනමාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග මෙන්ම ඊට හිමිවිය යුතු පිළිගැනීම සහ මාධ්‍ය නිදහස සුරැකීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිතයි.
සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ඉන්දියානු පරිච්ඡේදයේ බිහාර් පරිච්ඡේදයේ සභාපති ආචාර්ය ශෂි භූෂාන් කුමාර් ප්‍රකාශ කළේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස වත්මන් බිහාර් ආණ්ඩුකාර සහ සිකිම්හි හිටපු ආණ්ඩුකාර ගංගා ප්‍රසාද් මහතා සහභාගී වන බවයි.
ශ්‍රී ලංකාව නියෝජන කරමින් සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකාවේ සභාපති සහ නෙත් නිවුස් හම්බන්තොට වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මුහුණදෙමින් සිටින තත්ත්වයන් සම්බන්ධයෙන් සමුළුවේ අවධානය සඳහා විශේෂ ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.




