හැටන් සිංගිමලේ ජලාශයට ඇද වැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර රංගල නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් එම ජලාශයේ ගැඹුරු ස්ථානයක තිබි අද දින පස්වරුවේ ගොඩගනු ලැබුවා.

මෙසේ ගොඩ ගනු ලැබුවේ කොටගල කේම්බ්‍රිජ් දමිළ මහ විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි රාම් මූර්ති තමිල් මාරන් සිසුවාගේ සිරුරයි.

එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ දින පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට අතුල් වී ඡායාරූප රැගෙන ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදි ජලාශයේ වතුරෙන් පය සේදීමට උත්සහ කිරිමේදි සිසුවා ජලාශයට ඇද වැටී අතුරුදහන් වී ඇති බවයි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී.සුගතදාස මහතා කියා සිටියේ.

අතුරුදහන් වු සිසුවාගේ දෙමව්පියන් විදේශගත වී ඇති බවත්, ඔහු පාසල් යෑම සදහා හැටන් ප්‍රදේශයේ නවාතැන්පලක නැවතී සිටියදි පරිඝණක භාහිර පන්තියකට සහභාගිවන බව පවසා එම නිවසින් පිටව ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

ගොඩගත් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.