ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල් බිලියන 500ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය, හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු පැවසුවේ මේ සඳහා ආණ්ඩුව සතුව ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවතින බවයි.

රට තුළ ඇති ආයෝජන අවස්ථා ලෝකයට විවෘත කිරීම තුළින් රටේ පවතින ආර්ථික ගැටලු විසඳා ගැනීමට කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවුසවා.