Published
සිම්බාබ්වේ සංචාරයට සහභාගී වන ශ්රී ලංකා විස්සයි විස්ස සංචිතය අද ප්රකාශයට පත් කළා. සුපුරුදු පරිදි එහි නායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකටයි. ක්රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට නවක ක්රීඩකයින් වන විෂේන් හැලඹගේ සහ කමිල් මිශාර නම්කර සිටීම විශේෂත්වයක්. දේශිය තරඟවලදී දක්ෂතා දැක්වූ නුවනිදු ප්රනාන්දු ද මෙම සංචිතයට නම් කර සිටිනවා. ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරඟාවලිය හෙටින් ආරම්භ වන අතර දෙරට අතර විස්සයි විස්ස තරඟාවලිය සැප්තැම්බර් මස 23 වනදා ආරම්භ වීමට නියමිතයි.