මෙරට රේඩියෝ කර්මාන්තය ආරම්භ කර අදට වසර සියයක් සපිරෙනවා. 1925 දෙසැම්බර් 16 වනදා එවකට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ හියු ක්ලිෆර්ඩ් සාමිවරයා විසින් රේඩියෝ ඔස්සේ ජාතිය අමතා සිදු කළ කතාවෙන් මෙරට රේඩියෝ කර්මාන්තයේ ආරම්භය සනිටුහන් වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

මේ, සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රවීණ ගුවන්විදුලි සන්නිවේදකයෙකු මෙන්ම රාජ්‍ය ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලයේ සභාපති කපිල එම් ගමගේ මහතා.

මෙරට රේඩියෝව අතීතයේදී දකුණු ඉන්දියාවේදී පවා ජනප්‍රිය වී ඇති බවට සාක්‍ෂි පවතිනවා. ඒ සම්බන්ධයෙන්ද කපිල එම් ගමගේ මහතා අදහස් පළ කළා.