2019 වසරේ සිරිකොත පක්ෂ මූලස්ථානය මුදල් අය කිරීමකින් තොරව අලුත් වැඩියා කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර ගුණරත්න ජයතිලක මහතා ඇපමත මුදා හරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවන ලැබුවා.
ඉන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළා.
ගාස්තු අය කිරීමකින් තොරව සිරිකොත පක්ෂ මූලස්ථානය නවීකරණය කිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යෙදවීම තුළින් රජයට රුපියල් දහසය ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට දූෂණ චෝදනාවක් යටතේ මෙම සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.




