ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
එහි වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත අදාළ යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් අතර පසුව අද උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා.
එහිදී සිදු කළ සොයා බැලීමේදී අදාළ ධීවර යාත්‍රාවේ උර 16ක පුරවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
මේ අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට අදාළ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙන අතර අදාළ සැකකරු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.





