අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කළ විදේශ ජාතිකයන් 11 දෙනෙකු තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත සිදුකළ වැටලමකදීයි. එහිදී පරිගණක හා ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කළ ඉන්දීය ජාතික සැකකරුවන් අට දෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. ජංගම දුරකථන 20ක්, ලැප්ටොප් පරිගණක 03ක් හා ටැබ් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.