Published
පාර්ලිමේන්තුවේ අදත් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ, අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයෙකු සිටියදී නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන් බව කියන සිද්ධියක් මුල්කර ගනිමින්.
එහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා.
මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්වී තිබෙනවා.
ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.
මෙයට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.



