හදිසියේ ඇති වූ ධාරානිපාත වර්ෂාවකින් එක්වරම ගම්මානයක්ම යට වූ පුවතක් උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. එම අනතුරුට ලක්ව ඇත්තේ උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ ධරාලි ගම්මානයයි. කුඩා ප්‍රදේශයකට එක්වරම හදිසියේ ඇති වූ එම ධාරානිපාත වර්ෂාව අවසානයේ කෙලවර වූයේ මහා ගං වතුරකින්. ගම්මානය හරහා ගලා යන මඩ සහිත දැවැන්ත ජල කඳක්, එහි මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇති අතර ගොඩනැගිලි ද කඩා දමා තිබෙනවා. සංචාරක ආරක්ෂණය දිනූ ප්‍රදේශයක් වන ධරාලි ගම්මානය හෝටල්, නිවාඩු නිකේතන සහ අවන්හල්වලින් පිරී පවතිනවා. මධ්‍යම රාත්‍රිය වන තුරුම හමුදාව, ආරක්ෂක අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ නිලධාරීන් සහන මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර එහිදී පුද්ගලයින් 70 දෙනෙකු බේරාගෙන තිබෙනවා. එහෙත් අඛණ්ඩ වර්ෂාව එම කටයුතුවලට එල්ල කර ඇත්තේ දැඩි බාධාවක්. තද වැසි සහ හදිසි ගංවතුරෙන් පසුව තවත් සැලකිය යුතු පිරිසක් සිරවී සිටිය හැකි බවටයි ඉන්දීය මාධ්‍ය අනතුරු අඟවා ඇත්තේ.