Published
කොළඹ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂා අද දිනයේ නම් කිරීමට නියමිතව තිබෙනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසුවේ එම නගරාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි මේ වන විටත් තීරණය කර ඇති බවයි.
කෙසේවෙතත් ජාතික ජන බලවේගය පවසන්නේ කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අනිවාර්යයෙන් පත් කරන බවයි.
මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.
මේ අතර කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය සහාය ලබාදෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ පැවසුවේ.