මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට අධික සුළං සමග ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග විශාල ෆයිනස් ගසක් (21) දින අලුයම කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බදා එල්ල වී තිබුනා.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ මාර්ගයේ ඉහළින් තිබූ විශාල ෆයිනස් ගසක් පස් කන්දක් සමග අලුයම 4:00ට පමණ ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අලුයම 5:00 පමණ වන තෙක් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.
වටවල පොලිසියේ නිළධාරින් එක්ව කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට එක් මන්තීරුවකට සීමා කර ඇත.
පවතින අධික සුළං සහ වැසි තත්වය හේතුවෙන් හැටන් කොළඹ, හැටන් මහනුවර යන ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවලද ගස් සහ පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කරවීමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.