හැටන් නගරයේ පැති වීදියේ වෙළදසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද පස්වරු 01.00ට පමණ එම ගින්න හටගෙන ඇත්තේ පාවහන් වෙළඳසැලක බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම වෙළදසැල වසා තිබූ අවස්ථාවේ ගින්න හටගෙන තිබෙනවා.

එම ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් විසින් එය මැඩපවත්වා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ගින්න හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.