හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මතයි.

හිටපු කථානායකවරයාගමන්ගත් ජීප් රථය ඊයේ තවත් මෝටර් රථයක ගැටී අනතුරකට ලක්වුණා.

පොලීසිය පැවසුවේ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී අදාළ අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවක්, ඇයගේ බිළිඳිය සහ තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.