‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරටට ලැබුණු විදෙස් ආධාර නිසි ක්‍රමවේදයක් හරහා ජනතාවට ලබාදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බලමින් දේශපාලන මැදිහත් වීමකින් තොරව සියලු ආධාර ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ආණ්ඩු බලය තිබියදී පළාත් පාලන ආයතනවල අයවැය පරාජය වීම ගැටලුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය මේ වන විටත් පලුදු වීම හේතුවෙන් මෙවැනි සිදුවීම් ඉදිරියටත් සිදුවිය හැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචියට පැමිණියේ ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයාට නුගේගොඩ ප්‍රදේශයේ නිවසක් ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළා.
කැබිනට් සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සමගි ජන බගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස අදහස් පළ කළා.




