හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

ඒ, ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත ප්‍රකාශය ලබාදී තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රකාශය ගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ.