වගකීම නිසියාකාරව ඉටු නොකලහොත් ශ්‍රී ලාංකීක මහජනතාව බරපතල ඛේදවාචයකට මුහුණ දීමට නියමිතව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඊයේ (19) දිනයේදී ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකර සිටියා.
එහිදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළකර සිටියේ මෙවැන්නක්
“මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මම මුලින්ම මතක් කරන්න කැමතියි, අපි පක්ෂයක් ලෙස මීට ඉහතදී ප්‍රකාශ කළා රටක් ලෙස අපි ජාත්‍යන්තරය පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි කියලා.
දැන් මෙවැනි අවස්ථාවක තමා ජාත්‍යන්තරය පිළිබඳව, ආසියාව පිළිබඳ හොද දැනුමක් තියන නායකයෙක් රටක් පාලනය කරන්න ඕන.
උදාහරණයක් ලෙස ගත්තාම මෙවැනි අවස්ථාවක ලෝකයේ ඇතිවන තත්ත්වය දිහා බැලුවාම ලෝකයේ යුදමය වතාවරණයක් ඇති වෙමින් තිබෙනවා.
මෙයින් කෙසේද දෙකෝටි විසිලක්ශයක් වන ශ්‍රී ලාංකික මහජනතාව ආරක්ෂාව කරගන්නේ කියන වගකීම රජයට පැවරී තිබෙනවා.
කෙසේ හෝ මෙය අපි සියළු දෙනාම කල්පනා වෙන් සිටිය යුතු අවස්ථාවක්.
නැතිනම් මෙහි ප්‍රතිවිපාක දරුණු විදියට ශ්‍රී ලංකීක පුරවැසියන්ට බුක්ති විදිමට සිදු වෙනවා.
ඉතින් ඒ නිසා රජයේ වගකීම රජය නිසියාකාරව ජාත්‍යන්තරයේ ඇති වී තිබෙන තත්ත්වය හරියට නීරීක්ෂණය කොට ඉටු කල යුතුව තිබෙනවා.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කුමන නියෝජිතයෙකු ශ්‍රී ලංකාවට පැමිණියත් රට බංකොලොත් වුවාට පසු කල හැකි සෑම දෙයක්ම නීති බවට පරිවර්තනය කරලා නව පනත් නීති බවට පරිවර්තනය කරලා ඒ නීති ඔස්සේ තමා මේ රට දුවමින් තිබෙන්නේ.
ඒ වෙනුවෙන් රට සම්පූර්ණ පරිවර්තනයකට ලක් කළේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමායි.
ඒ ගැන අපි හොඳින් මතක තබාගත යුතුව තිබෙනවා.
දැන් ඒ ආකාරයට ඉදිරියට යන රටක් පාලනය කරන වර්තමාන රජයත් බොහෝම කල්පනාවෙන් කටයුතු කර යුතුව තිබෙනවා.
නමුත් මට පේන විදිහට එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගත් තීන්දු තීරණ බොහෝමයක් අද වන විට වෙනස් කරමින් තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝකයේ ආර්ථික විශේෂයින් බලවතුන් ශ්‍රි ලංකාවට විරුද්ධව නඩු දමා තිබියදි රට බංකොලොත් භාවට පත්වී තිබිය දි කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් මෙවැනි අවස්ථාවක කරන්න පුලුවන් හොඳම දේ තමා එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියාවට නැංවුයේ.
උදාහරණයක් හැටියට එතුමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මත පමණක් යැපුනේ නැහැ.
වෙනත් ජාත්‍යන්තර ආර්ථික දේශපාලන උපාය මාර්ගගත් එතුමා සතුව තිබුණා.
එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හසුරවන ගමන්, ජාත්‍යන්තර දේශපාලනය හසුරවන ගමන්, ජාත්‍යන්තර ආර්ථිකය හසුරවන ගමන්, ජාත්‍යන්තර වශයෙන් ලෝකය මුහුණ දෙන තත්ත්වත් සමග ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනයා යුතු ආකාරය පිළිබඳව එතුමාට හොඳ දැක්මක් තිබුණා.
කොහොම නමුත් දැන් වාර්තමාන රජය ඒ වගකීම බාර අරගෙන තිබෙනවා.
නමුත් ඒ වගකීම නිසියාකාරව ඉටු නොකලහොත් ශ්‍රී ලාංකීක මහජනතාව බරපතල ඛේදවාචයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.
මං හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයක් වේලා තියෙනවා ආණ්ඩුවත් සියළු දෙනාත්, උදාහරණයක් ලෙස ගත්තොත් ආණ්ඩුව පොහොට්ටුවත් එක්ක බලය පිහිටුවනවා. ආණ්ඩුව සමහර තැන්වල සජබය සමඟ බලය පිහිටුවනවා. සියළුදෙනා අතර එකමුතු කමක් ඇතිවෙලා තිබෙනවා.
මං හිතනවා මේක ශ්‍රී ලංකාවට හොද ආදර්ශයක් වේවි.
බෙදීමට වඩා එක්වීම හොදයි කියලයි මං විශ්වාස කරන්නේ.
නමුත් මහජනතාව මහජන නියෝජිතයන්ට වගකීමක් දීලා තිබෙනවාවිරුද්ධ පක්ෂයේ කාර්යයභාරය ඉටු කරන්න කියලා.
එතකොට ඒ විරුද්ධ පක්ෂයේ කාර්යයභාරය රහසේ ප්‍රදර්ශනය කරන අවස්ථාව පසුවුනා.
ඒ කියන්නේ ඡන්ද පාවිච්චි කරන අවස්ථාව. එතකොට රහසේ ඡන්දය පාවිච්චි කරාට පස්සේ එහි ප්‍රතිඵලය ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. දැන් සගවන්න දෙයක් නැ. විරුද්ධ පක්ෂයත් ප්‍රදර්ශනය වෙනවා, ආණ්ඩු පක්ෂයත් ප්‍රදර්ශනය වෙනවා.
එහෙනම් දැන් නැවත විරුද්ධ පක්ෂය රහස්‍යභාවයට යනවනම් ඒ කියන්නේ සොරකමක් සඳහා ගමන් කිරිමයි කියන එක තමා මගේ කල්පනාව. හැබැයි එ්කෙනුත් රටට යහපතක් වෙනවා කියලා මං විශ්වාස කරනවා.
මොකද ජේවිපි එකයි පොහොට්ටුවයි එකතු වෙනවා, ජේවිපි එකයි සජබේයි එකතු වෙනවා එක්සත් ජාතික පක්ෂයි සජබේයි එකතු වෙනවා.
සියළුදෙනා එකමුතු වෙලා. ඉතින් බලමු මේකෙත් අවසාන ප්‍රතිඵලය 339යක් ආයතන අවසානයේ බලය පිහිටුවනකොට සාමුහික එකමුතුකමක් ඇති වුනොතින් එක ඉතා වැදගත් කියලයි මං අවසාන වශයෙන් විශ්වාස කරන්නේ.”