Published
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළා.
ඉන් අනතුරුව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.
ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරිම සහ එවැනි දා කැඳවීමටද නියම වුණා.




