හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මරණ තර්ජන එල්ල කර තිබෙනවා.

ඊයේ  දින ඩුබායි හි සිට පාතාල නායකයකුගෙන් ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මරණීය තර්ජන එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින සියළුම පාතාල නායකයින් හා පාතාල සාමාජිකයින් නැවත මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය කර ඇත්තේ.

මේ වනවිට මේ සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් විශේෂ අංශ දැනුවත් කර ඇති අතර මරණීය තර්ජනය පිලිබදව පොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.